
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජකාරී කටයුතු පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් රාජ්‍ය නිලධාරීන් සඳහා ඩිජිටල් අත්සන් ක්‍රමයක් හඳුන්වා දී ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කර නව මාවතකට යොමුකිරීම රජයේ අරමුණ බවයි.
ඔහු මේ අදහස් පළකළේ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අංශයේ රාජ්‍ය නිලධාරීන් සඳහා ඩිජිටල් අත්සන් භාවිතය විධිමත් ලෙස පිළිගැනීම සඳහා පැවැති උත්සවයට සහභාගි වෙමිනි.
ජනතා අපේක්ෂාවන්ට සරිලන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිකිරීම රජයේ දැක්ම බවත්, එම තාක්ෂණය ග්‍රාම නිලධාරීන්ට ද ලබාදිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම වැඩසටහනේ කොටසක් ලෙස 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතේ විධිවිධාන යටතේ ස්වදේශ කටයුතු අංශයේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ගේ අත්සන් ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී තිබේ.
පනතට අනුව ඩිජිටල් අත්සන් නිකුත් කිරීමේ අධිකාරිය ලෙස LankaPay නම්කර ඇත.
මෙම නව ක්‍රමය මඟින් නිල ලිපි හුවමාරු කිරීමේ ප්‍රමාදයන් අවම කිරීමටත්, වේගවත්, වඩාත් ඵලදායී හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart