
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසරේ වෛද්‍ය සිසුන් සඳහා වන සායනික පුහුණුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී නිල වශයෙන් ආරම්භ කර තිබේ.
එහි සායනික පුහුණුව සඳහා පළමු කණ්ඩායම ලෙස වෛද්‍ය සිසුන් සියදෙනකුගෙන් යුත් කණ්ඩායමක් බඳවාගෙන ඇත.
අවසන් වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන සායනික පුහුණුවේ ආරම්භක කටයුතු ඊයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ දී පැවැත්විණි.
අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයට අනුව 2024 නොවැම්බර් මාසයේදී කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සායනික පුහුණු ඒකක ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලදී.
එහි ප්‍රසව හා නාරිවේද, ළමා රෝග, මනෝචිකිත්සාව, වෛද්‍ය විද්‍යාව සහ ශල්‍යකර්ම සඳහා ඒකක ඇතුළත් වේ.
දැනට සායනික පුහුණුව සඳහා අවශ්‍ය පුහුණු ඒකක පහම රෝහල් පරිශ්‍රය තුළ ස්ථාපිත කර ඇත.
ඒ සඳහා රෝහලට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ද ලබාදී ඇති අතර එම වැඩසටහනේ කොටසක් ලෙස, මෙම ඒකක සඳහා වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවකයින් 22 දෙනෙකු පත්කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය 2020 දී ආරම්භ කරන ලද අතර මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් පහක් තුළ සිසුහු 500ක් පමණ අධ්‍යයන කටයුතුවල නිරත වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart