
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාගම්පුර වරාය කළමනාකරණ සමාගම 2014 වසරේදී වරාය අධිකාරියේ සංස්ථාපිත ඇපකරයක් යටතේ පෞද්ගලික බැංකුවකින් ඩොලර් මිලියන 24ක ණය මුදලක් ලබාගෙන ඇති බවත්, එම ණය මුදලින් ඩොලර් මිලියන 18.82 (රුපියල් මිලියන 6836) 2023 වසර වනවිටත් ගෙවා නොමැති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී පසුගියදා අනාවරණය විය.
මෙම ණය මුදල අයකර ගැනීම සඳහා අදාළ බැංකුව විසින් මාගම්පුර වරාය කළමනාකරණ සමාගමට හා වරාය අධිකාරියට විරුද්ධව නඩු දෙකක් පවරා ඇති බව ද මෙහිදී හෙළිවිය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 2022, 2023 වර්ෂවල කාර්ය විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත පසුගියදා කැඳවූ අතර එහිදී මේ බව අනාවරණය විය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
එහිදී කාරක සභාව වෙත පැමිණි නිලධාරීන් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් ඊට අදාළ පරීක්ෂණය සිදුවෙමින් පවතින බවයි.
මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්ථාපිත කළ සීමාසහිත මාගම්පුර වරාය කළමනාකරණ පෞද්ගලික සමාගම බාල තෙල් මිල දී ගැනීමෙන් 2014දී අමෙරිකානු ඩොලර් මිලියන 24ක (රුපියල් කෝටි 300කට වැඩි) පාඩුවක් වරාය අධිකාරියට සිදුකර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) අනාවරණය විය.
එසේම 2022 ජුනි මස සිට ඈවරකරුවකු පත්කර මාගම්පුර වරාය කළමනාකරණ සමාගම ඈවර කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ද වරාය අධිකාරියේ නිලධාරීහු ප්‍රකාශ කළහ.
මෙහිදී නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර අවධාරණය කළේ, අදාළ සමාගම ඈවර කිරීමෙන් පමණක් සෑහීමකට පත්විය නොහැකි බවයි.
එමෙන්ම මෙම කරුණ සම්බන්ධයෙන් වරාය අධිකාරිය සිය වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණනයක් සිදුකර ඊට අදාළව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අභ්‍යන්තර විගණන අංශය නිවැරදිව අධීක්ෂණයට ලක්කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.
එමෙන්ම මීට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර නිර්දේශ කර ඇත.
මීට අමතරව අධිකාරියේ සංයුක්ත සැලැස්ම පිළිබඳ ද මෙහි දී කමිටුවේ අවධානය යොමුවිය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart