
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා ගත වූ කාලයේ දී සංවිධානාත්මක අපරාධකරුවන් විසින් අනීතිකව උපයා ගන්නා ලද රුපියල් කෝටි 500 කට ආසන්න වත්කම් (4,529,781,238.41) අත්හිටුවා ඇත.
මේ බව හෙළිකරමින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉරිදා ලංකාදීපයට පවසා ඇත්තේ, දේශපාලනඥයන්ට අයත්ව තිබූ වත්කම් ප්‍රමාණයක් ද එහි අන්තර්ගත බවය.
සංවිධානාත්මක අපරාධකරුවන් විසින් නීතිවිරෝධීව රැස්කරනු ලැබ ඇති වත්කම් ගැන විමර්ශන අඛණ්ඩව සිදුකරන බව පවසා ඇති අමාත්‍යවරයා, පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත අනුව යම් තැනැත්තෙකු අපරාධයකින් අත්පත් කරගන්නා දේපොළ අත්හිටුවීම සඳහා එයින් සලසා ඇති ප්‍රතිපාදන ක්‍රියාත්මක කරන බව ද සඳහන් කර තිබේ.
ඒ අනුව අදාළ පනතින් ප්‍රතිපාදන සලසා ඇති පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ වෙනම ඒකකයක් පිහිටුවීමටත්, අපරාධයකින් අත්පත් කරගන්නා ලද දේපොළවල භාරකාරත්වය හිමි අධිකාරියක් පිහිටුවීමටත් කටයුතු කරන බව පවසා ඇති ඇමැතිවරයා, ඒ වෙනුවෙන් පොලිස් අධ්‍යක්ෂවරයකු පත්කර ඇතැයි ද ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart