
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ටෙස්ලා ප්‍රධාන විධායක නිලධාරී සහ ස්පේස් X නිර්මාතෘ එලොන් මස්ක් යළිත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස කිරුළු පැළඳ තිබේ.
ඒ, දිගු කාලයක් පුරා තමන් සතුව තිබූ ලොව ධනවත්ම පුද්ගලයා යන කීර්තිනාමය, ඔරකල් හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන තාක්ෂණ නිලධාරි ලැරී එලිසන් වෙත හිමිවී පැය කිහිපයකින් අනතුරුවය.
බ්ලූම්බර්ග් සඟරාවට වාර්තා කර තිබූ පරිදි ඊයේ පස්වරුව වන විට ඔරකල්හි කොටස් මිල වාර්තාගත ලෙස ඉහළ යාම හමුවේ එලිසන්ගේ ධනය ඩොලර් බිලියන 101 කින් ඩොලර් බිලියන 393 ක් දක්වා ඉහළ ගොස් මස්ක්ගේ ශුද්ධ වටිනාකම වන ඩොලර් බිලියන 385 ඉක්මවා ගොස් තිබිණි.
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මස්ක්ට සිය කිරුළ අහිමි වූ පළමු අවස්ථාව මෙය නොවේ.
මීට පෙර LVMH හි ප්‍රධාන විධායක නිලධාරී බර්නාඩ් ආර්නෝල්ට් විසින් සහ ඇමේසන් හි නිර්මාතෘ ජෙෆ් බෙසෝස් හමුවේ ඔහු ලොව ධනවත්ම පුද්ගලයා ලැයිස්තුවෙන් පහළ ගොස් තිබිණි.
කෙසේවෙතත් ඊයේ කොටස් වෙළඳපොළ මෙහෙයුම් අවසන් වන විට, එලෝන් මස්ක් යළිත් ඩොලර් බිලියන 384.2 ක ශුද්ධ වටිනාකමක් සහිතව, එලිසන්ට වඩා ඩොලර් බිලියන 1ක් ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව මේවනවිට තවදුරටත් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස පෙරමුණ ගෙන සිටින්නේ එලෝන් මස්ක් බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart