
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලියට මේ මොහොතේ සූදානම් නොමැති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
එම තනතුර අහෝසි කිරීමේ ප්‍රතිඥාව ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වුවද, ආර්ථිකය යළි පණගැන්වීම සහ සාධාරණ වර්ධනයක් සඳහා අඩිතාලම දැමීම කෙරෙහි රජය මෙතෙක් අවධානය යොමුකර ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේය.
එමෙන්ම අමාත්‍යවරයා පැවසුවේ, එවැනි ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ සඳහා කාලය සහ සූදානම අවශ්‍ය වන අතර, ආර්ථිකය වර්ධන මාවතක ස්ථිරව ගමන් කළ පසු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වනු ඇති බවයි.
වත්මන් ආණ්ඩුව බලයට පත්වී ගතව ඇත්තේ වසරකටත් අඩු කාලයක් බැවින්, ඒ සඳහා තව සුළු කාලයක් අවශ්‍ය බවත්, වත්මන් රජය ජනතා වරම ඉටුකරන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart