
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් එරට ආරක්ෂක අමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු ප්‍රංශයේ නව අගමැති ලෙස නම්කර තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ වසරක් තුළ ප්‍රංශයට පත් කෙරුණු සිව්වැනි අග්‍රාමාත්‍යවරයා ඔහු බවයි.
39 හැවිරිදි ලෙකෝර්නු, ප්‍රංශ ඉතිහාසයේ ලාබාළතම ආරක්ෂක අමාත්‍යවරයා ද වේ.
එමෙන්ම ලෙකෝර්නු ප්‍රංශ ජනාධිපතිවරයාගේ සමීපතම සගයෙකු ලෙස ද ප්රකටය.
ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රංශ ජනාධිපති මන්දිරය පැවසුවේ ප්‍රංශයේ මීළඟ අයවැය සම්මත කර ගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂ උපදේශනය කිරීමේ කර්තව්‍යය ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයා වෙත පවරා ඇති බවයි.
“පැහැදිලි මඟපෙන්වීමක් සහිත රජයක් ගොඩනැගීම අපගේ ස්වාධීනත්වය සහ අපගේ ශක්තිය ආරක්ෂා කිරීම, ප්‍රංශ ජනතාවට සේවය කිරීම සහ අපේ රටේ එක්සත්කම සඳහා දේශපාලන හා ආයතනික ස්ථාවරත්වය සහතික කිරීම” ජනාධිපතිවරයා විසින් ඔහුට භාර දී ඇති බව ලෙකෝර්නු සමාජ මාධ්‍ය ඔස්සේ පැවසීය.
වාම සහ අන්ත දක්ෂිනාංශික පක්ෂ ලෙකෝර්නුගේ පත්වීම හෙළාදකිමින් විරෝධය පළකර ඇති අතර ඔවුන් ප්‍රශ්න කර ඇත්තේ සුළුතර බලයක් හිමි ආණ්ඩුවක ඔහු අයවැයක් සකස් කරන්නේ කෙසේද යන්නයි.
යුරෝපයේ දෙවැනි විශාලතම ආර්ථිකය හිමි ප්‍රංශය නව අර්බුදයකට ඇදදමමින් ඊයේ ගෙන ආ විශ්වාසභංගයේදී ප්‍රංශ පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයන් හිටපු අග්‍රාමාත්‍යවරයා වූ ෆ්රැන්කොයිස් බේරු එම ධූරයෙන් ඉවත් කර තිබිණි.
ප්‍රංශයේ ණය පාලනය කිරීම සඳහා රාජ්‍ය වියදම් කපාහැරිය යුතුය යන ඔහුගේ මතයට නීති සම්පාදකයන් පිටුබලය දෙනු ඇතැයි බේරූ අපේක්ෂා කළ ද ඒ වෙනුවට, ඔවුහු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව පෙළගැසී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart