
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොළොන්නරුව ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකු ඊයේ(06) රාත්රියේ පොළොන්නරුව පැලැටියාව ප්රදේශයේ පිහිටි සිය නිවසේදී ඔහුගේ බාල සොහොයුරා විසින් කපා කොටා ඝාතනය කර තිබේ.
බහින්බස්වීමක් දුරදිග යාමෙන් බාල සොහොයුරා තම වැඩිමහල් සොහොයුරාට පිහියකින් පහරදී ඇතැයි වාර්තා වේ.
පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
බාල සොහොයුරා මානසික ආබාධයකට ප්රතිකාර ලබමින් සිටි බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මනම්පිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart