
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය ජාලා සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට නේපාල රජය පියවර ගෙන තිබේ.
ඒ, එම තහනමට එරෙහිව නේපාල වැසියන් ආරම්භ කළ විරෝධතා ප්‍රචණ්ඩ ගැටුම්කාරී තත්වයක් දක්වා වර්ධනය වීමෙන් අනතුරුවය.
Z පරම්පරාව (Gen Z) ලෙස හඳුන්වාගත් විරෝධතාකරුවන් කළ ඉල්ලීමක් ඊයේ දහස් ගණනක් ජනතාව කත්මණ්ඩුහි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අසලට රැස්වූහ.
විරෝධතා උත්සන්න වීමත් සමග විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් හට ගත් අතර එහි ප්‍රතිපලයක් ලෙස පුද්ගලයන් 19 දෙනකුගේ මියගොස් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබිණි.
මෙම තත්වය හමුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ ගත් තීරණයකින් නේපාල රජය සමාජ මාධ්‍ය ජාලා සඳහා වූ තහනම ඉවත් කළේය.
නේපාලයේ සන්නිවේදන, තොරතුරු සහ විකාශන අමාත්‍ය Prithvi Subba Gurung නිවේදනය කළේ සමාජ මාධ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට රජය කළින් ගත් තීරණය ඉවත් කර ගත් බවයි.
“Gen-Z හි ඉල්ලීමට විසඳුම් ලබාදීමෙන් සමාජ මාධ්‍ය විවෘත කිරීමට රජය දැනටමත් තීරණය කර ඇත,” හදිසි කැබිනට් රැස්වීමකින් අනතුරුව අමාත්‍යවරයා පැවසීය.
කෙසේවෙතත්, සමාජ මාධ්‍ය වේදිකා වසාදැමීමට රජය කලින් ගත් තීරණය පිළිබඳ රජය කිසිවිටෙකත් පසුතැවිලි නොවන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
“මෙම ප්‍රශ්නය කඩතුරාවක් කරගනිමින් විරෝධතා ක්‍රියාත්මක වන බැවින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි යළි විවෘත කිරීමට තීරණය කළා” ඔහු පැවසීය.
එමෙන්ම අමාත්‍යවරයා ‘Gen Z’ කණ්ඩායමෙන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ විරෝධතාව නවත්වන ලෙසයි.
එදින සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සොයාබැලීමට කැබිනට් මණ්ඩලය පරීක්ෂණ කමිටුවක් ද පත් කර ඇත. වාර්තාවක් සකස් කිරීමට දින 15ක කාලයක් ලබාදී තිබේ.
නේපාලයේ සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ ලියාපදිංචි වීමට ලබාදුන් කාලසීමාව තුළ එය සිදුනොකිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය වේදිකා 26ක් අවහිර කිරීමට එරට බලධාරීහු පසුගිය සතියේ නියෝග කළහ.
ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ මාර්ගගත වංචා මැඩපැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා නියාමනය කළ යුතු බවට නේපාල රජය පවසා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart