
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව සංවිධානය කෙරුණු ‘කලා වැව ආයෙත් අලින්ට දෙමු’ ව්‍යාපෘතිය පසුගිය තෙදින පුරා කලා වැව ජාතික වනෝද්‍යානයේ ජල ගැලීම් ප්‍රදේශය ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි.
උතුරු මැද පළාතේ වැව් පිටි රැසක ජපන් ජබර ඇතුලු ආක්‍රමණශීලී ශාක ව්‍යාප්ත වීම හේතුවෙන්, වන අලින්ට වැව් පිටිවල වැවෙන ළා තණ අහිමි වී තිබේ. ප්‍රෝටීන් අධික ආහාරයක් වන ළා තණවලට වන අලි මහත් රුචිකත්වයක් දක්වයි. කලා වැව ආශ්‍රිතව සාමාන්‍යයෙන් වන අලි හාරසියයක් පමණ ජීවත්වන බවට අනුමාන කෙරේ. මෙම වන අලින්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොලැබීම නිසා වන අලි ගම් වදිති. ඉන්, ප්‍රදේශයේ අලි මිනිස් ගැටුම් උග්‍ර වී තිබේ. පසුගිය මාස කිහිපයේදී , වන අලි ප්‍රහාර හේතුවෙන් පුද්ගලයෝ කිහිපදෙනෙක් මියගියේය. ප්‍රදේශයේ වී වගාව බහුලව සිදු කෙරෙන අතර, සෝයා,බඩ ඉරිඟු, පළතුරු හා එළවළු වර්ගද වගාකෙරේ.
ඒ අනුව අනුරාධපුර කලා වැව, වැව් පිටිය සහ කලාගම හා බලලු වැව වැව් පිටිවල ජපන් ජබර ඇතුලු ආක්‍රමණශීලි ශාක ගලවා ඉවත් කිරීමේ ව්‍යාපෘතිය පසුගිය 05 වනදා ආරම්භ කෙරිණි. එය පසුගිය දෙදින (06/07) සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු අතර මේ යටතේ අක්කර 20කට අධික ප්‍රදේශයක් පුරා පැතිරි තිබු ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලි ශාක මුළුමනින්ම ගලවා ඉවත්කිරීම සිදුකෙරිණි.
ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව , ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුව, ස්වේච්ඡා සංවිධාන, පරිසර හිතකාමීන්, අවට ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටි අතර අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රාදේශීය සභා සභාපතිවරු ඇතුලු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝද මෙම වැඩසටහන සමඟ එක්වූහ.
වන අලි වාසභූමි තිරසර ලෙස සංවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර එය ඉදිරියේ දිවයිනේ සෙසු ප්රදේශවලද ක්‍රියාත්මක කිරිමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart