
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ බැංකුවක් මඟින් ත්‍යාග ලබාදෙන බව සඳහන් කරමින් වංචනික සහ ඉතා භයානක ස්කෑම් පණිවිඩයක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව පොලීසිය අවධාරණය කරයි.
එමඟින් පරිශීලකයාගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම මෙන්ම ජංගම දුරකථනවලට අනිෂ්ඨ මෘදුකාංග (Malware) ඇතුළත් කිරීමට මෙන්ම පවත්නා මෘදුකාංග වෙනස් කිරීම් ද සිදුකෙරෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ද පැමිණිලි රැසක් ලැබී ඇති බව එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද සදහන් කළේය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ ජංගම දුරකථන මඟින් බැංකු කටයුතු සිදු කරන පුද්ගලයන් මෙවැනි ව්‍යාජ පණිවිඩ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි.
ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුව ඔස්සේ මේ සම්බන්ධයෙන් විශේෂ සටහනක් ද යොමු කර තිබූ ආකාරය නිරීක්ෂණය විය.
“උගත් බුද්ධිමත් මිනිස්සු දන්නවා මේ වගේ දේවල් දැක්කාම ස්කෑම් එකක් කියන එක. ලංකාවේ ඉන්න බුද්ධිමත් මනුස්සයෙක් නම් දන්නවා පෝයට බැංකුවලින් මේ වගේ දේවල් කරන්නේ නැහැ කියලා. අනික මේක බිනර පෝය. වෙසක්, පොසොන් නෙමෙයිනේ. මේ වගේ දෙයක් දැක්කාම මුලින්ම අදාළ ආයතනයේ ෆෙස්බුක් එකට හරි වෙබ් එකට ගිහින් හරි බලන්න. ඊළඟට අවශ්‍ය නම් ඔවුන්ගේ ශාඛාවකට කතාකරලා බලන්න. එහෙම නැතිව පොලිසියට බැනලා වැඩක් නැහැ. මේ වගේ තව තියෙනවා හොටෙල් රේටීන් කරන්න කියලා එක එක ලෙවල්ස්වලට අරන් යන ස්කෑම් තියෙනවා. ඒවා ගැන ඕනාවට වඩා දැනුවත් කරලා තියෙනවා අපි. ඉතින් මේවා බලබලත් අහුවෙන අය ඉන්නවා. ඒ නිසා දැනුවත් කරන ආයතනවලට දෝස්මුරය කරලා වැඩක් නැහැ. ඔබ මෙවැනි දේ ගැන දැනුවත් වෙන්න.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart