
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයථා ආකාරයට විදෙස් සංචාරවල යෙදෙමින් රුපියල් කෝටි ගණනින් මුදල් නාස්ති කළේ යැයි කියන රජයේ ආයතනවල හිටපු ප්‍රධානීන් දසදෙනකු සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ පිරිසට පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකුද සංස්ථා හිටපු සභාපතිවරුන් සිවුදෙනෙකුද ඇතුළත් වන බව එම ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තුවේ මෙම හිටපු ප්‍රධානියා පසුගිය කාලසීමාවේ දී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයෙන් මුදල් සීමාවකින් තොරව භාවිත කර ඇතැයි විගණන විමර්ශනවල දී තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙම විගණන විමර්ශනය ආරම්භවී ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ දැනුම් දීමක් අනුවය.
හිටපු ප්‍රධානියා අන්තර්ජාතික සංවිධාන කෙරෙන වැඩමුළු වෙනුවෙන් ආරාධනා පත්‍ර තමා මැදිහත් වී ගෙන්වාගෙන මෙලෙස හිතු හිතු පරිදි විදේශ සංචාරවල යෙදී ඇතැයි තොරතුරු හෙළි වී ඇත.
එසේම මෙම ප්‍රධානියා පාර්ලිමේන්තුවේ වාහන අවභාවිත කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් ද විමර්ශන අංශ කරුණු සොයාබලා ගෙන යනු ලැබේ.
මේ අතර රුපියල් කෝටි ගණනින් මුදල් වැයකරමින් විදේශ සංචාරවල යෙදුණු සංස්ථා සභාපතිවරුන් සිවු දෙනෙකු සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුවී ඇත.
විදෙස් සංචාරයක යෙදෙමින් රුපියල් එක්කෝටි හැට ලක්ෂයක පමණ මුදලක් නාස්ති කරන ලදයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart