
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෝටර් රථ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය පළාත් පාලන අපේක්ෂිකාවකගේ ස්වාමිපුරුෂයකු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියයෑම සහ ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය අතර සම්බන්ධයක් තිබේද යන්න පිළිබඳ විමර්ශන අංශවලට සැක මතු වී තිබේ.
වසීම් තාජුඩීන් ඝාතනයට පෙර ඔහුගේ මිත්‍රයකු වූ අදාළ ව්‍යාපාරිකයා සමඟ රැඳී සිට ඇති බව මීට පෙර අනාවරණය වී තිබිණි.
ඔහුගේ බිරිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයකු සමඟ සමීපව දේශපාලන කටයුතු කරන අතර, ඇය 2018 පළාත් පාලන මැතිවරණයටද ඉදිරිපත් වී ඇත.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ෂැංග්‍රිලා හෝටලයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මේ ව්‍යාපාරිකයා මියගොස් තිබේ.
සිරිල් ගාමිණී පියතුමා විසින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව ගොනුකරන ලද පෙත්සමේ අදාළ ව්‍යාපාරිකයා එම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය බව දැක්වේ.
මේ ව්‍යාපාරිකයා එදින ෂැංග්‍රිලා හෝටලයට හුදෙකලාව ගොස් ඇත්තේ කුමක් නිසාද? ඔහු හදිසියේ හෝටලයේ ලොබියට පැමිණ ඇත්තේ ඇයි යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත පිළිතුරක් සොයාගැනීමට විමර්ශන අංශ සමත් වී නැති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.
ඔහු තාජුඩීන් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අනාවරණය කිරීමට සිටි බවත්, ඒ පිළිබඳ ඔහුගේ පවුලේ සාමාජිකයන් අතර වාද-විවාද පැවැති බවත් අනාවරණය කරන අදාළ ආරංචි මාර්ග, මේ නිසා අදාළ සැකය තවදුරටත් තීව්ර වන බවද පෙන්වාදෙයි.
මේ අතර වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බීබීසී සිංහල වෙත පවසා ඇත්තේ, ඒ පිළිබඳව රාජපක්ෂ පවුලට කරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි.
“ඒ කාලෙ පාරෙ බල්ලෙක් මැරුණත් ඇඟිල්ල දිගු කළේ අපටයි. යම්කිසි කෙනකුට යම් අසාධාරණයක් සිදුව ඇත්නම්, එයට සාධාරණය ඉටු විය යුතුයි. එසේ නොමැතිව එම සිදුවීම දේශපාලනීකරණය කිරීමෙන් වන්නේ එම සිදුවීමට මුහුණපෑ තැනැත්තාට හා එම පවුලටම අසාධාරණයක්” යනුවෙන්ද බීබීසීය වෙත මන්ත්‍රීවරයා පවසා තිබිණි.
2012 මැයි 17 වැනිදා නාරාහේන්පිට, උද්‍යාන පාරේ ශාලිකා ක්‍රීඩාංගණය අසල ගින්නකින් දැවී ගිය මෝටර් රථයක් තුළ වසීම් තාජුඩීන්ගේ මළසිරුර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart