
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තබාගැනීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත්වී ඇත්තේ තම පක්ෂයේ සාමාජිකයකුගේ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
සම්පත් මනම්පේරි නම් අදාළ පුද්ගලයාගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
“අප පක්ෂයේ සාමාජිකයකුව සිටි අඟුණකොළපැලැස්ස තලාව පදිංචිව සිටි සම්පත් මනම්පේරි යන පුද්ගලයාට එරෙහිව මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය තබාගැනීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ඉදිරිපත්වී ඇත. අප පක්ෂය කිසිවිටෙකත් මෙවැනි චෝදනාවන්ට පත්වන්නන් හට කිසිදු ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන අතර ඒ අනුව වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන ලදී.
එසේ වුවද ඔහුට එරෙහිව නගා ඇති චෝදනාව ඉතා බරපතළ ගණයේ චෝදනාවක් වන අතර මේ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ඇති චෝදනාවට අදාල පරීක්ෂණ ඉතා ඉක්මනින් අවසන් කොට ජනතාවට සත්‍ය තත්වය හෙලිදරව් කිරීමට කටයුතු කරනු ඇතැයි පක්ෂයක් ලෙස අපි බලාපොරොත්තු වෙමු.”

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart