
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිගු කාලයක් හිරු එළියට නිරාවරණය නොවූ පල්වෙන රොන්මඩ ජලය සහිත ළිං වැනි අඳුරු ස්ථානවල මීතේන් වැනි විෂ වායු තිබිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස පොලිසිය මහජනතාවට අනතුරු අඟවයි.
බලධාරීන්ගේ නිසි පරීක්ෂාවකින් තොරව හෝ පූර්ව ආරක්ෂක උපදෙස් අනුගමනය කිරීමෙන් තොරව එවැනි ස්ථානවලට ඇතුළුවීම මාරාන්තික විය හැකි බව ද පොලිසිය පවසයි.
පොලීසිය මෙම අනතුරු ඇඟවීම නිකුත් කළේ බළන්ගොඩ, මුල්ගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු, කලක සිට භාවිතයෙන් ඉවත් කර තිබූ ළිඳකට ඇද වැටී සිහිසුන්ව අවාසනාවන්ත ලෙස මියයෑමෙන් අනතුරුවය.
මෙම පුද්ගලයා කල්තොට පොලිස් වසමේ ගල්ටම්යාය ප්‍රදේශයේ නිවසකට මිතුරන් දෙදෙනෙකු සමඟ ඊයේ පැමිණ ඇති අතර, නිවස ආසන්නයේ තිබූ අතහැර දමා තිබූ ළිඳක් නැවත භාවිතයට ගැනීමේ අරමුණින් පිරිසිදු කිරීම ආරම්භ කර තිබේ.
වතුර ඉවත් කිරීමෙන් පසු ළිඳ පතුලේ ඇති රොන්මඩ ඉවත් කිරීමට ළිඳට ඇතුළු වී ඇති එම පුද්ගලයා සිහිසුන් වී ඇද වැටී මියගොස් තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart