
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආනයනික ද්‍රව්‍ය සඳහා බදු පැනවීමේ ප්‍රතිපත්තියට පටහැණිව අල සහ ලූණු සඳහා බදු ඉහළ දමන ලෙසට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලැබුණු නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කළ මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කුමාර සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දේශය’ සඳහන් කරයි.
එම වාර්තාවට අනුව, අස්වනු නෙළන කාලයට ආනයනික අල-ලූණු සඳහා මුදල් අමාත්‍යවරයා විසින් බදු පැනවීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.
එහෙත් එම බදු පැනවීමට කැබිනට් අනුමැතිය ලබාගත යුතු බව අදාළ නීතියේ සඳහන්ය.
එසේ වුවද මෙවර බදු පැනවීම සඳහා කැබිනට් අනුමැතියකින් තොරව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කර ඇතැයි වාර්තා වෙයි.
එම නියෝගය නීතියට පටහැණි බව කියමින් බදු පැනවීමේ ගැසට්ටුව නිකුත් කළ නොහැකි බව වෙළෙඳ ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
එහෙත් අමාත්‍යංශ ලේකම්වරයා කෙසේ හෝ මෙම කටයුත්ත සිදුවිය යුතු බවට නැවත නියෝග කළ බැවින්, එම නීතිවිරෝධී නියෝගය ඉටුකළ නොහැකි බව පවසමින් අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කුමාර සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව වැඩිදුරටත් වාර්තාව සඳහන් කරයි.
ඒ අතර රේගු ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම බදු පැනවීමට දින කිහිපයකට පෙර ලූණු මෙට්‍රික් ටොන් 27,000ක් පමණ ආනයනකරුවන් විසින් ආනයනය කර ඇති බවයි.
සාමාන්‍යයෙන් මෙරට මාසික ලූණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 20,000 ක් පමණය.
එම ලූනු නව බද්ද නොගෙවා ආනයනය කර ඇති නමුත් අලෙවි කරන්නේ බදු සහිතව වැඩි මිලට බව වාර්තා වෙයි.
මෙයින් ලූණු ආනයනකරුවන් රුපියල් කෝටි 100කට අධික විශාල ලාබයක් ලබන බව තොග වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart