June 28, 2025

මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකන්දරාව ප්‍රදේශයේ නිවසක දී විදුලි සැර වැදීමෙන් 8 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ.

ඊයේ (27) සවස මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලිසිය පවසයි.

බරපතළ තුවාල ලැබූ දරුවා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මිය ගොස් ඇති බව වාර්තා වේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ දරුවා විදුලි ජල තාපකයක්(හීටරයක්) භාවිත කරමින් සිට ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

මැදවච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.