
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ තංගල්ල බාලිකා විද්‍යාලය ඇතුළුව අනතුරුදායක ගොඩනැගිලි සහිත පාසල් 74ක් පමණ හඳුනාගෙන ඇති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
අවදානම් සහිත ගොඩනැගිලිවල සිටින ළමුන් ඉවත්කිරීමට අදාළ පාසල්වලට උපදෙස් ලබාදී ඇති බවත්, එම ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන තෙක් ළමුන්ට ඉගෙනගැනීමට විකල්ප යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවත්, ඔහු සඳහන් කළේය.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිව්මහල් ගොඩනැගිල්ලක තිබූ පන්ති කාමර 24ක් අවදානම් තත්ත්වයක පවතින බැවින් ගොඩනැගිල්ල ඉදිකර අවසන් වනතුරු එම පන්ති කාමරවල ළමුන් පාසල් ක්‍රීඩාංගණය අවට තාවකාලිකව සිටින බව ඇමැතිවරයා කීය.
එමෙන්ම තංගල්ල බාලිකා විද්‍යාලයේ සම්පූර්ණ ගොඩනැගිල්ලම කඩා ඉවත්කර යුද හමුදාවේ සහාය ඇතිව නව ගොඩනැගිල්ලක් ඉදිකරමින් පවතින බව ඔහු පැවැසීය.
රට තුළ පැවැති කොවිඩ්-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් 2019, 20, 21 සහ 22 යන වර්ෂවල පාසල් සඳහා මුදල් වෙන්කර නොමැති බව ඔහු සඳහන් කළේය.
පාසල්වල අවදානම් සහිත ගොඩනැගිලි පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත්, විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවද ඇමැතිවරයා පැවැසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ වැල්ලම්පිටිය වේරගොඩ විද්‍යාලයේ 06 හැවිරිදි පාසල් සිසුවියකගේ ඛේදනීය මරණය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart