
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එක්සත් ජනපදයේ සත්වෝද්‍යානයක සිටි කිඹුලකුගේ උදරයේ තිබූ කාසි 70ක් ශල්‍යකර්මයක් මගින් පිටතට ගැනීමට පශු වෛද්‍යවරුන් කටයුතු කර තිබේ.
මෙම සැත්කම සිදුකර තිබුණේ නෙබ්‍රස්කා, ඔමාහාහි හෙන්රි ඩෝර්ලි සත්වෝද්‍යානයේ සිටින සුදු සම සහ නිල් ඇස් ඇති, දුර්ලභ, 36-හැවිරිදි ඇලි කිඹුලකු සඳහාය.
තිබෝඩෝක්ස් ලෙස නම්කර ඇති මෙම කිඹුලා සැළකෙන්නේ සත්වෝද්‍යානයේ සිටින විශේෂ පදිංචිකරුවකු ලෙසිනි.
සත්වෝද්‍යාන බලධාරීන් පැවසුවේ නරඹන්නන් විසින් විසිකරන ලද කාසි, කුටියේ පිරිසිදු කිරීම් සිදුකිරීමට පෙර සතා විසින් අනුභව කර ඇති බවයි.
සත්වෝද්‍යානය අමුත්තන්ගෙන් ඉල්ලා සිටියේ සත්වෝද්‍යානයේ ඇති ඕනෑම ජල කඳකට කාසි දැමීමෙන් වළකින ලෙසයි.
තිබොඩෝක්ස්ගේ උදරයේ කාසි ඇති බව හඳුනාගෙන ඇත්තේ සත්වෝද්‍යානයේ කිඹුලන් 10 දෙනාම රුධිර පරීක්ෂාව, රේඩියෝග්‍රැෆි සහ තවත් දේ ඇතුළත් සාමාන්‍ය පරීක්ෂණයකට සහභාගී කරවූ අවස්ථාවේදීය.
කාසි ඇති බව හඳුනාගත් විට ඔවුන් වේගයෙන් ක්‍රියාත්මක වී පසුගිය බ්‍රහස්පතින්දා ශල්‍යකර්මයක් සිදුකර තිබොඩෝක්ස් වෙතින් කාසි ඉවත්කර තිබුණේ එමගින් සතාට කිසියම් ගැටලුවක් ඇති කිරීමට පෙර බව කියයි.
ක්‍රියා පටිපාටිය අතරතුරදී තිබොඩෝක්ස්ට ලබා දී ඇති පුහුණුවේ ආධාරයෙන් ආරක්ෂිතව කළමනාකරණය කිරීමට ඉඩ ලබාගැනීම සඳහා සත්වයා නිර්වින්දනය කර තිබේ.
සත්වෝද්‍යානය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ එක්ස් කිරණ ඡායාරූප මගින් අදාළ ආගන්තුක වස්තු සාර්ථකව ඉවත් කර ඇති බව තහවුරු කර ඇති අතර, තිබොඩෝක්ස් හොඳින් යථා තත්ත්වයට පත් වූ බවයි.
සත්වෝද්‍යානයේ සත්ව සෞඛ්‍ය අධ්‍යක්ෂ ටේලර් යාව් පැවසුවේ මෙම ක්‍රියා පටිපාටිය සාමාන්‍ය කියාදාමයක් නොවන බවයි.
කාසි සතුන්ට හානි කරන්නේ කෙසේදැයි මිනිසුන් නොදන්නා බවත් කාසි ශරීරගත වීමෙන් පමණක් නොව ඒවායේ භයානක රසායනික ද්‍රව්‍ය ද අඩංගු විය හැකි බැවින් ඒවා අනතුරුදායක බව සත්වෝද්‍යාන බලධාරීහු ප්‍රකාශ කරති.
කෙසේවෙතත් සැත්කමෙන් පසු සුවය ලැබූ කිඹුලා නැවතත් සිය වාසස්ථානයට පැමිණ ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart