
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය ආණ්ඩුව සමයේ ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණයට එරෙහි විරෝධතාවලට සහභාගිවීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ ලංවිම සේවකයන් 62 දෙනකු වන්දි සහිතව යළි සේවයේ පිහිටුවා තිබේ.
ලංවිම පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කරන ලදැයි කියන ප්‍රයත්නයන්ට එරෙහිව පසුගිය ජනවාරි මාසයේ ලංවිම වෘත්තීය සමිති විසින් දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයකින් පසුව මෙම සේවකයන්ගේ වැඩ තහනම් කරන ලදී.
විදුලිය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස වර්ගීකරණය කර තිබියදී, පාරිභෝගකයන්ට බාධා සිදුවන ආකාරයට විරෝධතාවයේ යෙදී රාජකාරිවලින් වැළකී සිටි සේවකයන්ගේ වැඩ තහනම් කරන ලෙස එවකට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
නව පරිපාලනය යටතේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් මෙම අත්හිටුවීම් ආපසු හැරවීම, වරප්‍රසාද යළි ලබාදීම සහ විනය මාරුවීම් අවලංගු කිරීම් සිදුකර ඇත.
ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් ඇතුළු ලංවිම නිලධාරීන් කිහිපදෙනෙකු මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයින් රැසක්ද සහභාගී වූ උත්සවයකදී යළි සේවයේ පිහිටුවන ලද සේවකයන්ගෙන් සිව්දෙනෙක් ඊයේ (24) දින අමාත්‍ය ජයකොඩි අතින් සිය ලිපි ලබාගත්හ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart