
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගණිකා මඩම් ලෙස ක්‍රියාත්මක වූ මීගමුවේ සම්බාහන මධ්‍යස්ථාන(ස්පා) සහ සුවතා මධ්‍යස්ථාන 53ක් වසා දමා ගණිකා වෘත්තියේ යෙදී සිටි කාන්තාවන් 137 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
ප්‍රාදේශීය පොලිස් ස්ථාන තුනක ස්ථානාධිපතිවරුන් විසින් මෙහෙයවන ලද පොලිස් මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ පසුගිය දින කිහිපය තුළ මීගමුව, කොච්චිකඩේ සහ සීදූව පොලිස් බල ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකළ බවයි.
පොලිස් බුද්ධි අංශවලින් ලද තොරතුරක් මත මෙම මෙහෙයුම් සිදු කර තිබේ.
ගණිකා මඩම් ලෙස පවත්වාගෙන යන ස්පා සහ සුවතා මධ්‍යස්ථාන සොයාගැනීමත් සමඟ එම ආයතන පූර්ණ වශයෙන් වසා දැමීමට පොලිසිය කටයුතු කර ඇත.
මෙම මෙහෙයුම්වල දී පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු සහ කාන්තාවන් 137 දෙනෙකු ඇතුළු සැකකරුවන් 145 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සියලුම සැකකරුවන් වෛද්‍ය පරීක්‍ෂණවලට භාජනය කළ අතර ඒ අතරින් කාන්තාවන් දෙදෙනකු එච්.අයි.වී. ආසාදිත බව හෙළි වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart