
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරඟාවලිය සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනකු ගිවිසුම් අත්සන් කර ඇත.
එහිදී තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ඩකා කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරයි.
ඇන්ජලෝ මැතිව්ස්ගේ සහ බිනුර ප්‍රනාන්දුගේ සේවය චිතගොං කිංග්ස් පිලට හිමිව තිබේ.
ප්‍රවීන තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන මැතිව්ස් කිංග්ස් පිලට නායකත්වයද ලබාදෙනු ඇත.
ඩර්බා රජ්ශානි කණ්ඩායමට කැඳවා ඇත්තේ, ලහිරු සමරක්කෝන් ය.
ෆෝචුන් බැරිසාල් කණ්ඩායම ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිශ්ශංක සමඟ ගිවිසුමක් අත්සන් කර ඇත.
2024 දෙසැම්බර් 27 වන දින තරගාවලිය ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart