
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහා පරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවලට සම්බන්ධ විදේශීය ජාතිකයන් හතළිස්දෙනකු ගම්පහ සහ හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය තහවුරු කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු තොරතුරක් මත ගම්පහ හංවැල්ල පාරේ පිහිටි හෝටලයක් සහ හංවැල්ල අවිස්සාවේල්ල පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක සිදුකළ වැටළීම්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර චීන ජාතිකයන් 30 දෙනෙකු, ඉන්දීය ජාතිකයන් 4 දෙනෙකු සහ තායි ජාතිකයන් 6 දෙනකු ද වෙයි.
මෙම කණ්ඩායමට චීන ජාතික පිරිමින් 29 දෙනෙකු සහ එක් චීන කාන්තාවක්, එක් ඉන්දීය ජාතික පිරිමියකු සහ ඉන්දීය කාන්තාවන් තිදෙනකු සහ තායි පිරිමින් දෙදෙනකු සහ තායි කාන්තාවන් සිව්දෙනකු ඇතුළත් වේ.
සැකකරුවන් සමාජ මාධ්‍ය වේදිකා සහ දුරකථන ඇමතුම් ඔස්සේ සිදුකරන සංවිධානාත්මක මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට පොලිසිය අනාවරණ කරයි.
විමර්ශකයින් විසින් වංචනික මෙහෙයුම් සඳහා භාවිත කරන ලද ජංගම දුරකථන 499 ක්, ලැප්ටොප් පරිගණක 25 ක් සහ ඩෙස්ක්ටොප් පරිගණක 29 ක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් චීනය, ඉන්දුනීසියාව, තායිලන්තය සහ දකුණු ආසියාතික රටවල් කිහිපයක වින්දිතයන් ඉලක්ක කර ගනිමින් ‘ආයෝජන වංචා’ ඇතුළු බහුවිධ වංචා ක්‍රමවලට සම්බන්ධ බව වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව INTERPOL සහ Europol යන ආයතනවල සහාය ඇතිව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart