
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් විශේෂකාර්ය බළකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත ඊයේ රාත්‍රියේ කළ මෙහෙයුමකින් වස්ගමුව ජාතික වනෝද්‍යානයට අයත් රක්ෂිතය තුළ
අඹන් ගඟ ආශ්‍රිතව අංගම් මැඩිල්ල ප්‍රදේශයේ නීතිවිරෝධීව පතල් ගරු පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
එහිදී හෙළිවී ඇත්තේ සැකකරුවන් වස්ගමුව ජාතික වනෝද්‍යානයට අයත් අඹන් ගඟ තුළ මහා පරිමාණයෙන් වලවල් හාරා ගඟ අභ්‍යන්තරයට කැණීම් සිදුකර දෝනාකපා මෙම පතල් කැණීමේ ජාවාරම කලක් තිස්සේ සිදු කරගෙන ගොස් තිබූ බවයි.
වතුර මෝටර් උදලු ගල්ඉනි පස්ඇදීමට යොදා ගන්නා කූඩ විදුලි ජනන යන්ත්‍රයක් උපයෝගී කරගෙන මෙම මැණික් පතල් ජාවාරම සිදුකරගෙන ගොස් ඇත.
සැකකරුවන් සහ ඔවුන්ගේ භාණ්ඩ අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකාය අංගම් මැඩිල්ල ජාතික වනෝද්‍යානයේ වනජීවි නිලධාරීන්ට භාර දී තිබේ.
සැකකරුවන් සහ භාණ්ඩ අද දිනයේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වනජීවි නිලධාරීන් සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart