
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින තුනට පමණක් විදුලිය බිඳවැටීම් 36,900ක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.
‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ මේ හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් ලක්ෂ තුනකට පමණ බලපෑම් එල්ල වූ බවයි.
එම බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා අමතර කාර්ය මණ්ඩලය යෙදවීමට පියවර ගත් බව ඇමැතිවරයා සඳහන් කර තිබේ.
විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් 1987 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දියහැකි බවත් සම්බන්ධ කර ගැනීමේ දුෂ්කරතා ඇත්නම් BD යොදා 1987 අංකයට කෙටි පණිවිඩයක් එවීමෙන් ද විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් දැනුම්දිය හැකි බව ඇමැතිවරයා පෙන්වාදී තිබේ.
ඊට අමතරව CEB care යෙදුම භාවිතයෙන් ද විදුලිය බිඳවැටීම් සම්බන්ධයෙන් දැනුම්දීමට හැකියාව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart