
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ සිදුවන මාර්ග අනතුරුවලින් වසරකට දළ වශයෙන් 2500 ත් 3000 ත් අතර පිරිසක් මියයන බව මොරටුව විශ්වවිද්‍යාලයේ ප්‍රවාහන කළමනාකරණය හා කාර්යෝපාය ඉංජිනේරු අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය අමල් කුමාරගේ දේශයටපවසා ඇත.
මාර්ග ආරක්ෂාව සඳහා වැඩි අවධානයක් යොමුනොවන අතර මෙලෙස සිදුවන මාර්ග අනතුරු වළක්වාගැනීමට මාර්ග ආරක්ෂණය සඳහා ප්‍රාග්ධන වියදමින් අවම වශයෙන් සියයට එකක් හෝ දෙකක් වෙන්කළ යුතු බව ද මහචාර්යවරයා සඳහන් කරයි.
2025 ප්‍රාග්ධන වියදමින් මහාමාර්ග සහ ප්‍රවාහන අමාත්‍යංශයට බිලියන 473 ක් වෙන් කර ඇති අතර ඉන් බිලියන 400 ක් හෙවත් 83% ක් වැයකෙරෙනුයේ මහාමාර්ග සංවර්ධනය සඳහාය.
දුම්රිය සේවා, භාණ්ඩ ප්‍රවාහනය, මගී ප්‍රවාහනය, මෝටර් රථ කළමනාකරණය, මාර්ග ආරක්ෂාව, ප්‍රවාහන සැලසුම්කරණය යන සියලු කටයුතු සඳහා වෙන්කර ඇත්තේ 17% ක් පමණි.
තමන් රජයට යෝජනා කර ඇත්තේ 2% ක් වැනි ප්‍රතිශතයක් මාර්ග ආරක්ෂාව සඳහා වෙන්කරන ලෙසට බවද, දැනට මාර්ග ආරක්ෂාව වෙනුවෙන් වෙන්කෙරෙනුයේ සියයට දශම එකක් වැනි ප්‍රමාණයක් බව ද ඔහු සඳහන් කරයි.
මාර්ග ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සහ නීතිරීති තමන්ට සකස් කර දිය හැකි බවත් විද්‍යාත්මක ක්‍රමවේදයකට හා ඉලක්කයක් අනුව කටයුතු කරන්නේ නම් තවත් වසර දෙකකින් හෝ තුනකින් වාර්ෂිකව මාර්ග අනතුරුවලින් මියයන සංඛ්‍යාව සහ මාරක රිය අනතුරු සංඛ්‍යාව 20% හෝ 30% කින් පමණ අවම කරගත හැකි වන අතර, වසර 5 කින් එය 50% දක්වා අවම කරගත හැකි බව ද මහචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart