May 30, 2025

වලංගු වීසා බලපත්‍ර නොමැතිවීම හේතුවෙන් කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකික සේවකයන් 30 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (29) අලුයම බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට පැමිණ ඇත.

කුවේට් පොලිසිය විසින් එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට පෙර බන්ධනාගාරවල සහ රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා තිබිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වී ඔවුන් නිදහස් කරගැනීමට කටයුතු කර ඇති අතර, ශ්‍රී ලංකා විදේශ රැකියා කාර්යාංශය ඔවුන්ට ගමන් වියදම් ලබාදෙන ලදි.