
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් චෙන්නායි හි සිට ශ්‍රී ලංකාව වෙත මෙතම්ෆෙටමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ක්‍රියාත්මක වූ තවත් කල්ලියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තිදෙනා සතුව තිබී රුපියල් කෝටි 70ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන තිබේ.
බයිසුල් රහ්මාන් නම් සැකකරු තම ගම්බිම් බලා යෑමට බස් රථයක් එනතුරු සිටින බවට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු තොරතුරක් මත රාමනාතපුරම් හිදී ජූලි 24 වැනි දින ඔහු අත්අඩංගුවට ගෙනතිබේ.
ඔහුගේ බෑගය පරීක්ෂා කිරීමේදී මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් හයකට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.
විමර්ශනවලදී, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම ජාවාරමට තවත් පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධ බව සොයා ගෙන ඇති අතර ඔවුන් සෙනසුරාදා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් චෙන්නායි හි පදිංචි මන්සූර් සහ ඊබ්‍රාහිම් ලෙස හඳුනාගෙන ඇත.
ඔවුන්ගේ පාපොච්චාරණය මත රෙඩ්හිල්ස් ප්‍රදේශයේ පාළු නිවසක් සෝදිසි කර තවත් මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් එකක් සොයාගෙන තිබේ.
ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ චෙන්නායි කලාප අධ්‍යක්ෂ පී.අරවින්දන් පවසන්නේ මෙම තිදෙනා මනිපූර් හි මෝරේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා මත්ද්‍රව්‍ය ලබාගෙන ඇති බවයි.
තිදෙනාම අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඉන්දියාවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ජුනි මාසයේදී මෙතම්ෆෙටමින් කිලෝග්‍රෑම් 1.47ක් අත්අඩංගුවට ගෙන යුවළක් අත්අඩංගුවට ගන්නා ලදී.
එම සිද්ධියේ ප්‍රධාන චූදිත කාසිලිංගම් ඒ වන විටත් සිරගතව සිටි අතර ඔහුගේ අණ පරිදි බිරිඳ ක්‍රියා කර තිබේ.
කෙසේවෙතත්, නවතම අත්අඩංගුවට ගැනීම ඔවුන්ට සම්බන්ධ නැති වෙනම කණ්ඩායමක් වන අතර පෙර නඩුවට කිසිදු සම්බන්ධයක් නොමැති බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart