
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 28ක් දිවයිනේ සියලු බන්ධනාගාර වෙත යොමුකර තිබේ.
ඒ , ජනාධිපති සමාව අනීතිකව භාවිත කර රැඳවියන් නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළවය.
ඒ අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායම් විසින් බන්ධනාගාර තුළ ඇති ලේඛණ රැසක් පරික්ෂා කරන බව පොලීසිය සඳහන් කරයි.
ජනාධිපති සමාව නොලැබූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු වෙසක් පොහොය දිනයේ නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි ආන්දෝලනාත්මක තත්වයක් මතුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගෙන ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
තුෂාර උපුල්දෙණිය, මේ වන විට කොළඹ බන්ධනාගාරයක ආරක්ෂිතව රඳවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු, අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න අද (13) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මේ අතර බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී.දිසානායක සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට යොමුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart