
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවෝ 08ක් ඇතුළු 27 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් අද දිවයිනට පැමිණියහ.
ඒ, අද පස්වරුවේ බැංකොක් සිට කටුනායකට පැමිණි UL 405 ශ්‍රී ලංකන් ගුවන් යානයෙනි.
එම කණ්ඩායම විශේෂ ගේට්ටුවකින් ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙනයෑමට කටයුතු යොදා තිබිණි.
මිනිස් ජාවාරම්කරුවන්ගේ මුදාගත් කණ්ඩායම නීතිවිරෝධී සයිබර් අපරාධ මෙහෙයුම්වලට සම්බන්ධ මිනිස් ජාවාරම්වලට ගොදුරුවී සිට ඇත.
තවත් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මියන්මාරයේ මිනිස් ජාවරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටින බවට වාර්තා වේ.
ඔවුන් ගෙන්වාගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසත් අමාත්‍ය විජිත හේරත් උපදෙස් දී ඇත.
මිනිස් ජාවාරම්කරුවන්ට ගොදුරු වී සිටින ශ්‍රී ලංකිකයන් ගලවාගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙස 2024.11.25 වන දින විශේෂ රැස්වීමක් කැඳවමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් දී තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස මියන්මාර සහ තායිලන්ත රජයන් සමඟ දෙරටේ තානාපතිවරු සාකච්ඡා කරමින් අඛණ්ඩ සම්බන්ධීකරණයක් පවත්වා ඇති අතර, ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ සංක්‍රමණිකයන් සඳහා වන අන්තර්ජාතික සංවිධානයන්හි සහ ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් නියෝජනය කළ පූජ්‍ය මාලිගාවිල අස්සජි හිමියන්ගේ සහාය ද අද පැමිණි 27 දෙනා මුදවා ගැනීමේ මෙහෙයුමට හිමිව ඇත.
2024.11.01 සිට 2024.12.16 දක්වා මියන්මාරයේ මිනිස් ජාවාරම් කඳවුරුවල සිර වී සිටි 63ක් දිවයිනට පැමිණ තිබේ.
ඊට පෙර අප්‍රේල් මාසයේ 08 දෙනෙකු සහ අගෝස්තු මාසයේ 20 දෙනකුගෙන් යුතු කණ්ඩායම් දෙකක් ඇතුළුව වරින් වර 62ක් (2022.12.03 සිට 2024.10.10 දක්වා) පැමිණ තිබේ.
මිනිස් ජාවාරම්වල ගොදුරු බවට පත්නොවීම සඳහා බලයලත් ක්‍රියා පටිපාටිවලට අනිවාර්යයෙන් අනුගත වන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි.
ඔවුන් විදේශ රැකියා ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ඔවුන්ගේ රැකියා අවස්ථා හෝ දීමනා තහවුරු කර ගැනීම සිදුකළ යුතුය.
තොරතුරු සඳහා http://www.slbfe.lk යන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියට පිවිසෙන ලෙසත්, නැතහොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංක 1989 (පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය) අමතන ලෙසත් අමාත්‍යංශය ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart