
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශයේ ජෂෝර් හි පිහිටි තරු පහේ Zabeer අන්තර්ජාතික හෝටලයට මැර පිරිසක් ගිනිතබා ඇත.
සිද්ධියෙන් අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනකු මියගොස් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා පවසයි.
බංග්ලාදේශයේ පාලක පක්ෂය වූ අවාමි ලීගය ප්‍රමුඛ ආණ්ඩුව නෙරපා හැරීමෙන් පසුව ද රට පුරා නොසන්සුන්තා අඛණ්ඩව පවතී.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ එවැනි වටපිටාවකය.
හිටපු පාලක අවාමි ලීගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ජෙසෝර් දිස්ත්‍රික් අවාමි ලීගයේ ප්‍රධාන ලේකම් ෂහින් චක්ලදාර්ට අයත් බව කියන එම හෝටලය ඉලක්ක කර ඇත්තේ විරෝධතාකරුවන් ඔහු සොයා යෑමෙන් පසුවය.
චක්ලදාර් සොයාගැනීමට නොහැකිවී ඇති අතර, කෝපයට පත් මැර පිරිස හෝටලයට ගිනිතබා තිබේ.
හෝටලය ගිනිගෙන දැවෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.
ඉන් තුවාල ලැබූ බොහෝ පිරිසක් බරපතල පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කර ඇත.
හෝටලයට එල්ල වූ ප්‍රහාරයට අමතරව, විරෝධතාකරුවන් දිස්ත්‍රික් අවාමි ලීග් කාර්යාලය සහ ෂර්ෂා සහ බෙනාපෝල් හි තවත් අවාමි ලීග් නායකයන් තිදෙනෙකුගේ නිවාසවලට ද පහර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart