
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොට්ටාව ප්‍රදේශයේදී ඉරිදා (28) මත්ද්‍රව්‍ය සහ පතොරම් විශාල තොගයක් සමඟ 24 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් සිදුකරන ලද වැටළීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 75.4 ක් තිබී සොයාගෙන ඇත.
සැකකරු සතුව තිබී සජීවී පතොරම් 458 ක්, T-56 මැගසිනයක්, ව්‍යාජ වාහන අංක තහඩු 30 ක්, ආදායම් බලපත්‍ර 15 ක්, රක්ෂණ ලියකියවිලි 15 ක් සහ ජංගම දුරකථන දෙකක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
සැකකරු මොරටුව, අඟුලාන ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු වැඩිදුර පරීක්ෂණ පවත්වන බස්නාහිර දකුණු අපරාධ අංශයට භාර දී ඇත
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart