
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සෙනසුරාදා අලුයම 00.30න් අවසන් වූ පැය 24 තුළ රටපුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගංජා පැල 235,689ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී.
මෙම වැටළීම් මත්ද්‍රව්‍ය මැඩලීමේ අඛණ්ඩ මෙහෙයුමක කොටසක් බව පොලිසිය පවසයි.
එහිදී හෙරොයින් ග්‍රෑම් 692ක්, ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් ග්‍රෑම් 393ක්, ගංජා කිලෝ 42.1ක් සහ තවත් මත්ද්‍රව්‍ය විශාල තොගයක් පොලිස් භාරයට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් 1,676ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
ඉන් 112 දෙනකු පමණ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යවා ඇති බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය නිවාරණ වැටළීම්වල හයවැනි දිනය මෙය වන අතර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 11,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart