
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 වසරේ මේ වන විට මනුෂ්‍ය ඝාතන හේතුවෙන් පුද්ගලයන් 83 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව අනාවරණය කළේය.
මේ අතර, මේ වසරේ ජනවාරි මාසයේ සිට සොරකම් කිරීම් 1,180 ක් සහ කොල්ලකෑම් 310 ක් ද වාර්තා වී ඇති බව ඊයේ (පෙබ. 26) පැවැති ජනමාධ්‍ය හමුවකදී ඔහු පැවැසීය.
මේ වසරේ මේ දක්වා වෙඩි තැබීම් 20කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, ඉන් 10ක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් විසින් මෙහෙයවන ලද හෝ ඒවාට සම්බන්ධ බවට සැකකරන බව නියෝජ්‍ය පොලිස්පති තල්දූව වැඩිදුරටත් අනාවරණය කළේය.
කෙසේවෙතත්, අපරාධ අනුපාතය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය දැනටමත් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart