
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය අද පස්වරුවේ ඉන්දියාව සමග ඕස්ට්‍රේලියාව අතර පැවැත්වේ.
මෙලෙස ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයකදී හමුවන්නේ වසර 20කට පසුවය.
08වැ වරටත් ලෝක කුසලාන අවසන් මහ තරගයට ඕස්ට්‍රේලියාව පිවිස ඇති අතර ඉන්දියාව 04වැනි වරට ඒ සදහා සුදුසුකම් ලැබුවේය.
මෙවර තරගාවලියේ අඛණ්ඩව තරග 10ක් ජයග්‍රහණය කර ඇති ඉන්දියාව තුන්වන ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ ඉහළ බලාපොරොත්තු සමග පිටියට පිවිසේ.
ඕස්ට්‍රේලියාව 05 වතාවක් එක්දින ලෝක ජයග්‍රහණය කර ඇත.
අමෙරිකානු ඩොලර් මිලියන 04ක් මෙවර ජයග්‍රාහක කණ්ඩායමට හිමිවන අතර අනුශුරයන්ට ඩොලර් මිලියන 02ක් හිමිවේ.
මෙවර තරගාවලිය සදහා ඉන්දියාව ඉතා උත්කර්ෂවත් සමාප්ති උළෙලක් ද සංවිධානය කර ඇති අතර, ඊට ගුවන් හමුදා සංදර්ශනයක් ද ඇතුළත් බව වාර්තා වේ.
ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ෂර්මා කටයුතු කරන අතර පැට් කමින්ස් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කරනු ලබයි.
ඔවුහු දෙදෙනා විසින් තරගය සදහා සූදානම් කර ඇති තනතීරුව ඊයේ නිරීක්ෂණය කරනු ලැබූහ.
එහිදි ඕස්ට්‍රේලියානු නායකයා තණතිරුවේ පිංතුරක් ගැනීම සමාජ මාධ්‍ය තුළ වැඩි වශයෙන් කථාබහට ලක්ව ඇත්තේ ඉන්දියාව සිය කණ්ඩායමට වාසි සහගත ලෙස තණතීරු සකසා ගන්නා බවට එල්ලවීම හේතුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart