
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පවතින අධික උණුසුම් වියළි කාලගුණය නිසා ජල භාවිතය සියයට 15කින් පමණ ඉහළ ගොස් ඇති බව සඳහන් කරන ජාතික ජල සම්පත් මණ්ඩලයේ අතිරේක සාමාන්‍යධිකාරී (සංවර්ධන) අනෝජා කලුආරච්චි, දැනට පානීය ජල සැපයුමේ ගැටලු ගැන දිනකට පැමිණිලි 2000ක් පමණ ලැබෙන බව පැවසුවාය.
ඇය මෙසේ සඳහන් කළේ, පානීය ජල සැපයුමේ හිඟයක් තිබේද යන්න ගැන දේශය කළ විමසීමේදීය.
බස්නාහිර සහ මන්නාරම් කලාපයෙන් එසේ බහුලව පැමිණිලි ලැබෙන බව ද ඇය කීවාය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන අනුව මාර්තු මාසයේ වියළි කාලගුණයක් පවතින අතර අප්‍රේල් මාසයේ දී බස්නාහිර, දකුණ සහ සබරගමුවට සාමාන්‍ය වැස්සක් බලාපොරොත්තු විය හැකි බව පැවසූ ඇය, එසේ වුවහොත් දැනට පවතින ජල සැපයුම් ගැටලු විසඳෙන බව ද සඳහන් කළාය.
කැලණිසිරි පාලමේ සවිකර ඇති ලවණ උපකරණයේ දත්ත අනුව කැලණි ගඟේ තාවකාලික ලවණ ජල බාධකය මේ වනවිට ඉදිකර සම්පූර්ණ ධාරිතාවයෙන් ජලය පිරිපහදු කර නිකුත් කරන බවත් අතිරේක සාමාන්‍යධිකාරිවරිය පැවසුවාය.
දැනට සමහර පෙදෙස්වලට බලපා ඇති පානීය ජල සැපයුම් ගැටලුවලට ප්‍රධාන හේතුව අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට ජලය භාවිත කිරීම යැයි ඇය සඳහන් කළාය.
වියළි කලාපයේ ජලාශ සහ වැව් සියයට 75ක් පමණ පිරී ඇති නිසා රටේ වෙනත් කලාපවල ජල සැපයුම සාමාන්‍ය පරිදි සිදුවන බව පැවසූ ඇය, අරපිරිමැස්මෙන් ජලය භාවිත කළොත් දැනට මතුවී ඇති ජල සැපයුමේ ගැටලු අවම වන බවත් සඳහන් කළාය.(දේශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart