
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහනුවර විලියම් ගොපල්ලව මාවතේදී අද (16) අලුයම සිදුවූ රිය අනතුරකින් 17 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගැටඹේ සිට මහනුවර දෙසට ධාවනය වූ ස්කූටර් යතුරුපැදියක් මාළු වෙළෙඳපොළ අසලදී මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
තම පියා සමඟ යතුරුපැදියේ පිටුපසින් ගමන් ගත් මෙම දැරිය, ගැටීමෙන් පසු වෙනත් වාහනයකට යටවීමෙන් ඛේදජනක ලෙස මියගොස් ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, ඇය එම ස්ථානයේදීම මියගොස් තිබේ.
යතුරුපැදිය පැදවූ ඇයගේ පියා තුවාල නොමැතිව බේරී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart