
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ 15 වැනි සංවත්සරය ජනවාරි 8 වැනි සඳුදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ඔහුගේ සොහොන අසල දේව මෙහෙයක් පැවැත්වීමට සුදානම් කර තිබේ.
සංවත්සරය සනිටුහන් කරමින් ලසන්ත සිහිපත් කිරීමට පවුලේ අය, හිතවතුන්, හිටපු සගයන් සහ තවත් අය බොරැල්ල කනත්තට හෙට පෙරවරු 9ට රැස්වීමට නියමිතය.
2009 ජනවාරි 8 වැනි දින ඝාතනයට ලක් වූ ලසන්ත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදියකු වූ අතර එවක රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල විවේචකයෙක් ද වූයේය.
රැකියාවට යමින් සිටියදී ප්‍රහාරයට ලක්වූ ඔහු පසුව තුවාල හේතුවෙන් මිය ගියේය.
උදෑසන රථ වාහන තදබදය මධ්‍යයේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම නිර්ලජ්ජිත ප්‍රහාරය එල්ල කර තිබිණි.
ලසන්ත ඝාතන විමර්ශනය මෙතෙක් කිසිදු ප්‍රතිඵලයක් ලබාගෙන නොමැති අතර ඔහුගේ ඝාතකයන් වසර 15කට පසුවත් නිදැල්ලේ සැරිසරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart