
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටම ආවරණය වන පරිදි නව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 10 ක් සමගින් ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් ඉදිරිකිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි.
මොරටුව, රාගම, කඩවත, ගම්පහ, මාලඹේ, අතුරුගිරිය සහ කටුනායක සහ උප නගර කේන්ද්‍ර කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවත් මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්කයේ දෙවට ප්‍රදේශයේ තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන දෙකක් ද, ඉදිකිරීමට නියමිත බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි.
අනුරාධපුර ප්‍රවාහන මාධ්‍යස්ථානයේ ඉදිරිකිරීම්වලින් සියයට 40 ක් පමණ මේ වන විට අවසන්ව ඇති බව කියන එම අමාත්‍යංශය, ශක්‍යතා අධ්‍යනයෙන් පසුව සෙසු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල ඉදිකිරීම් ද ආරම්භ කරන බව ද ප්‍රකාශ කරයි.
දැනට මෙරට ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මාකුඹුරේ ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart