
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජාන්සි ප්‍රදේශයේ රෝහලක ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් අලුත උපන් බිළිඳුන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් ළමුන් 16 දෙනෙකු ජීවිතය වෙනුවෙන් සටන් වදිමින් සිටින බව ද එරට මාධ්‍ය වාර්තා කරයි.
මහාරාණි ලක්ෂ්මි බායි වෛද්‍ය විද්‍යාලයේ නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ ඊයේ රාත්‍රී 10:45ට පමණ ගින්න හටගෙන ඇති බව තුවාල ලැබූවන් තහවුරු කර ඇතැයි දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අවිනාෂ් කුමාර් පැවසීය.
නියෝජ්‍ය මහ ඇමැති බ්‍රජේෂ් පතක් පවසන්නේ ඔක්සිජන් සාන්ද්‍රණය තුළ ඇති වූ විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි සැකකරන බවයි.
නිලධාරීන් වහා ක්‍රියාත්මක වී අලුත උපන් බිළිඳුන් 44 දෙනෙකු බේරා ගැනීමට සමත්ව ඇත.
ගිනා හටගත් මොහොතේ අවම වශයෙන් ළමුන් 54 දෙනෙකු නව ජන්ම දැඩි සත්කාර ඒකකයේ ඇතුළත් කර සිට ඇත.
මියගිය 10 දෙනාගෙන් හත් දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉතිරි තිදෙනා හඳුනා ගැනීම සඳහා අවශ්‍ය නම් DNA පරීක්ෂණ සිදු කරන බව නිලධාරියකු පැවසීය.
ඔවුන්ගේ පවුල් සඳහා රජය මූල්‍ය ආධාර දෙන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.
තම දරුවා අහිමි වූ කාන්තාවක් ANI ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ සිද්ධියෙන් පසු තම දරුවා සොයා ගැනීමට නොහැකි වූ බවත් පසුව දරුවා මිය ගොස් ඇති බවත් දැනුම් දුන් බවයි.
තුවාල ලැබූ ළමුන් 16 දෙනෙකු ප්‍රාදේශීය රෝහල්වල ප්‍රතිකාර ලබන අතර ඔවුන් බේරා ගැනීමට උත්සාහ කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාන්සි සුදා සිං අද උදෑසන ප්‍රකාශ කළේය.
ඔවුන් සඳහා ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් සහිතව වෛද්‍යවරුන් සිටින බව ඇය පැවසුවාය.
රෝහලේ ගිනි අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක නොවූ බවට චෝදනා එල්ල වන අතර හදිසි අවස්ථාවන් සඳහා යොදා ගන්නා පද්ධති නඩත්තු කිරීමේ අඩුවක් ඇති බවට තවත් චෝදනාවක් තිබේ.
කෙසේවෙතත් නියෝජ්‍ය ඇමැති පතාක් පැවසුවේ රෝහලේ ගිනි ආරක්ෂණ විගණනය පෙබරවාරි මාසයේදී සිදු කළ අතර පසුව ජුනි මාසයේදී ගිනි පෙරහුරුවක් ද සිදු කළ බවයි.
ගින්න සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පොලිසිය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය වශයෙන් විමර්ශන තුනක් සිදු කරන බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart