
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
LPL තරගාවලියේ දී ආචාරධර්ම කඩකිරීම සම්බන්ධයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පනවා තිබේ.
ජුලි 2 වැනිදා පැවති කලම්බු ස්ට්‍රයිකර්ස් සහ කැන්ඩි ෆෝල්කන්ස් අතර තරගයයේ දී ඔහු ක්‍රීඩක ආචාරධර්ම කඩකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.
විනිසුරුවරුන්ගේ උපදෙස්වලට අකීකරු වීම සම්බන්ධයෙන් LPL චර්යාධර්ම සංග්‍රහයේ 2.4 වගන්තිය යටතේ ඔහුට චෝදනා එල්ල වී තිබිණි.
පරීක්ෂණයේදී ඔහු වරද පිළිගෙන ඇති අතර ඒ අනුව ඔහුගේ තරඟ ගාස්තුවෙන් සියයට 20ක දඩයක් සහ දඬුවම් ලකුණක් ද ලබා දී ඇත.
එම තරගයේදීම LPL ඇඳුම් පැළඳුම් හා උපකරණ රෙගුලාසි කඩකිරීම සම්බන්ධයෙන් ද බිනුර ප්‍රනාන්දුගේ තරග ගාස්තුවෙන් සියයට 25ක් දඩ ලෙස අයකර තිබේ.
මේ අතර, කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායමේ වනිඳු හසරංග ද එම තරගයේදීම LPL ඇඳුම් සහ උපකරණ රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තරඟ ගාස්තුවෙන් සියයට 25ක දඩයක් නියම කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart