
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමැති නිල නිවාසවල නීතිවිරෝධී ලෙස රැඳීසිටින මන්ත්‍රීවරුන් තිදෙනකු ඒවායින් ඉවත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඇමතිවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් කටයුතු කරන අංශය මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවධානයට යොමුකර ඇතැයි දැනගන්නට ඇත.
මේ පිරිස අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුද වන බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ මන්ත්‍රීවරුන්ට වෙන්කෙරුණු ඇතැම් නිවාසවල ඔවුන්ගේ හිතවතුන්, ඥාතීන් සහ ආරක්ෂකයන් රඳවා සිටින බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් විමර්ශනයක් අරඹා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart