
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක උරුමයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම පුරාවිද්‍යාත්මක ස්ථානයක් ද වන සීගිරිය දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ඉහළම ආකර්ශනයක් සහිත සංචාරක ගමනාන්තයක් වන අතර, එය මෙරට සංචාරක ස්ථාන අතුරින් ඉහළම ආදායම් උපයන ස්ථානය ද වේ.
එහෙත් සංචාරක ගමනාන්තයක් ලෙස එය කළමනාකරණය කිරීමේදී පැන නැගෙන ගැටලු රැසක් හේතුවෙන් සිගිරිය සංචාරක කලාපය තවදුරටත් සංවර්ධනය කළයුතුව ඇත. එම තත්වය සැලකිල්ලට ගෙන අදාළ සියලුම පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් සීගිරිය තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන සැලැස්මක් (Master Plan) සකස් කිරීම පිණිස සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා සහ බුද්ධසාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart