
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යෝජිත හම්බන්තොට නව පිරිපහදුව ඉදි කිරීම සඳහා සමාගම් 07ක් අභිලාෂය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
පසුගිය මාර්තු 27 දිනය මේ වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය වන බවත්, එදිනට මෙම සමාගම් 07 අභිලාෂය පළ කිරිමේ යෝජනා ඉදිරිපත් කර ඇති බවත් කංචන විජේසේකර ඇමැතිවරයාගේ ට්විටර් පණිවිඩය දැක්වේ. තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ඇගයීමට ලක් කර සුදුසු අයැදුම්කරුවන්ට බලපත්‍ර නිකුත් කරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
එලෙස යෝජනා ඉදිරිපත් කළ සමාගම් අතරට චීනය, මැලේසියාව, සිංගප්පුරුව, ඉරානය යන රටවලට අයත් සමාගම් 05ක්ද, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ඒකාබද්ධ සමාගමක් සහ මෙරට සමාගමක් අයත් බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart