
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල දුම්රියේ ගැටීමෙන් සහ විදුලිසැර වැදීමෙන් වන අලි දෙදෙනකු ඊයේ (22) මිය ගිය බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
කිලිනොච්චිය වනජීවී කාර්යාලය පැවසුවේ කිලිනොච්චිය මුරුකණ්ඩි ප්‍රදේශයේදී යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ උත්තරාදේවි දුම්රියේ ගැටීමෙන් වන එක් අලියකු මියගොස් ඇති බවයි.
මුලතිව් ඔඩ්ඩුසුඩාන් පෙරිය සලඹන් ප්‍රදේශයේ දළ ඇතකු මියගොස් සිටියදී සොයාගත් බව මුලතිව් වනජීවී කාර්යාලය පවසයි.
වෙල්යායක තිබූ අනවසර විදුලි රැහැනක විදුලි සැර වැදීමෙන් මෙම ඇතා මියගොස් ඇති බව ද අනාවරණය වේ.
මියගිය ඇතා අවුරුදු 15 ක් පමණ වන දළ ඇතකු බවත්, විදුලි රැහැන් ඇද ඇති හේනේ අයිතිකරු අත්අඩංගුවට ගන්නා ලෙස ඔඩ්ඩුසුඩාන් පොලිසියට දන්වා ඇති බවත්, වනජීවී නිලධාරීහු පවසති.
දුම්රියේ ගැටී මියගිය වන අලියාගේ සහ විදුලි සැර වැදී මියගිය වන අලියාගේ අවසන් කටයුතු අද (23) සිදුකිරීමට නියමිත බව වනජීවී නිලධාරීන් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart