
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇල්ල ඔඩිසි දුම්රියේ රුපියල් 4,000 ක් වටිනා අන්තර්ජාලය ඔස්සේ වෙන්කරගත් ටිකට් දෙකක් බ්‍රිතාන්‍ය කාන්තාවන් දෙදෙනෙකුට රුපියක් 28,000ක මුදලකට අලෙවි කළ ත්‍රිරෝද රථ රියදුරකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රාජ්‍ය බුද්ධි සේවයට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සංචාරක ව්‍යාපාරයට අනුයුක්තව සේවය කරන රියදුරකු විසින් අදාළ ප්‍රවේශපත්‍ර දෙක බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනාට විකිණීමට ත්‍රිරෝද රථ රියදුරුට ලබාදී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
ත්‍රිරෝද රථ රියදුරා පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, මේ ආකාරයට විකුණන සෑම ටිකට් පතකටම තමන්ටත් රුපියල් 5000ක මුදලක් හිමිවන බවයි.
ඔහු දීර්ඝ කාලයක සිට මෙම වංචාවේ නිරතව සිට ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart