
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාසල තුළ ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවියක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.
එම අනතුර සිදුවී තිබුණේ අද (06) උදෑසන 7.15ත් 7.30ත් අතර කාලයේදී කලවාන ප්‍රදේශයේදීය.
දැරිය මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි සිසුවියකි.
පන්තියේ නාමලේඛනය රැගෙන පන්ති කාමරය වෙත පැමිණෙමින් සිටියදී දැරිය බිම ලිස්සලා වැටී ඇත.
එහිදී අසල තිබූ අඩි එකහමාරක පමණ කොන්ක්‍රීට් ගලක ඇයගේ නිකට ප්‍රදේශය තදින් වැදී තිබේ.
ඉන් බරපතළ තුවාල ලැබූ දැරියව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ දකුණු කුකුලේගම පදිංචි දැරියක් බවද වාර්තා වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart