
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බණ්ඩාරවෙල කහත්තේවෙල ප්‍රදේශයේ ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ පළමු අර්තාපල් තීරු (French Fries) සැකසුම් කර්මාන්ත ශාලාව ලබන සිකුරාදා (11) විවෘත කෙරේ.
කහත්තේවෙල ශ්‍රී සංඝරාජ විහාරස්ථාන පරිශ්‍රයේ මෙම කර්මාන්ත ශාලාව ඉදිකර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂිකාර්මික ව්‍යවසායකත්ව වැඩසටහනේ (SAPP) මූල්‍ය ආධාර යටතේ ඉදිකළ කර්මාන්ත ශාලාව අමාත්‍ය මහින්ද අමරවීර අතින් විවෘත කිරීමට නියමිතය.
මෙම අල තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 100ක් වැය කර ඇතැයි පැවැසේ.
මේ වන විට ශ්‍රී ලංකාවට අර්තාපල් තීරු ආනයනය කෙරෙන අතර, ඒ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3,500ක් විදේශ රටවලට ලබාදීමට සිදුවේ.
‘ෆ්‍රෙන්ච් ෆ්රයිස්’ සඳහා මෙරට ඉහළ ඉල්ලුමක් පවතින බැවින් දේශීයව වගා කරන අර්තාපල් යොදා ගනිමින් අල තීරු සකස් කෙරේ.
කර්මාන්තශාලාව ගොවීන් 250 දෙනකුගෙන් අර්තාපල් මිලදී ගන්නා අතර, අර්තාපල් තීරු දෛනික නිෂ්පාදනය දළ වශයෙන් කිලෝග්‍රෑම් 1,000 කි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල 2018 වසරේ ආරම්භ කරන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart