
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වී මිලදී ගැනීම සඳහා කුඩා සහ මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට ලබා දෙන ණය සහන ඉදිරියට ද ක්‍රියාත්මක කරන බව ඇමැති නලින්ද ජයතිස්ස පවසයි.
ඔහු සඳහන් කළේ ණය සහන ලබාගෙන නිසි පරිදි නිෂ්පාදනයන් සිදු නොකරන මෝල් හිමියන් අසාදුලේඛනගත කරන බවයි.
කැ බිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ජනමාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
දැනට සහල් නිෂ්පාදනයේ යෙදෙන මෝල් හිමියන් සම්බන්ධයෙන් විශ්වාසය තබා ගනිමින් කටයුතු කිරීමට සිදුවන නිසා ඔවුන්ට එම ණය සහනය ලබාදීමට කටයුතු කරන බව ඇමැතිවරයා සඳහන් කළේය.
අදාළ ණය ලබාදෙන ගිවිසුම යටතේ කොන්දේසියක් ලෙස ගිවිසුමේ එකඟතාව කඩ කරන්නේ නම් ඉදිරියට කිසිදු සහනයක් ලබා නොදීමට පියවර ගන්නා බව සඳහන් කර ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
වී සහ සහල් ගබඩා කිරීම සඳහා අවශ්‍ය ගබඩා පහසුකම් සකස් කිරීමේ කටයුතු ද සිදුකෙරෙමින් පවතින බව ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart