
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහුව එම ධූරයෙන් එළවා දැමීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද පොත “පළා ගිය ජනාධිපතිවරයා” අහිංසකත්වයේ ප්‍රතිරූපයක් මවා පෑමට ගත් නවතම උත්සාහය බව ජාතික සමගි සන්ධානය පවසයි.
ජාතික සමගි සන්ධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, හත්වැනි විධායක ජනාධිපතිවරයාව ශ්‍රී ලංකාවේ ජනතාව විසින් බලයෙන් පහකළ බවයි.
ඔහු තුළ සාධාරණ පාලනයක් නොතිබූ බවත්, අභියෝග රහිත බලය සඳහා ඔහුගේ නැඹුරුව සහ වගවීම සම්බන්ධයෙන් පවතින බරපතල දුර්වලතාවයත්, දූෂණය සහ නීතියේ ආධිපත්‍යය බිඳවැටීම දෙස ඇස් පියා බලාසිටීමත්, ජාතිවාදියෙකු ලෙස නිරූපණය වීමට ඇති කැමැත්තත් ජනතාව විසින් පෙන්වා දී ඇති බව එම නිවේදනය මගින් ජාතික සමගි සන්ධානය පෙන්වා දී තිබේ.
සමස්ත ශ්‍රී ලංකාව විසින්ම අගය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශ ඔහුට සම්පූර්ණයෙන්ම අමතක වී ඇති බව පෙනෙන බවත්, ගෝඨාභයව එළවා දැමුවේ ජනතාව විසින් පමණක් නොව, කෝවිඩ්-19 හේතුවෙන් මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ ආදාහනය සඳහා හේතුවක් නොමැතිව ඔහු ගත් තීරණ සම්බන්ධයෙන් දෙවියන්ගේ මැදිහත්වීම ක්‍රියාත්මක වූ බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.
සැබෑ විශේෂඥයන්ට ඇහුම්කන් දෙනවා වෙනුවට ගැඹුරු බරපතල ගැටළු විසඳීම සඳහා විශේෂඥයා තමන් බව සිතා ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ බව ද අදාළ නිවේදනයේ සඳහන්.
පොහොර තහනම වැනි සිද්ධිවලදී ඔහු පාලනයේ සෑම අංශයකින්ම අසාර්ථක වූ බව ද එහි දැක්වෙයි.
ගෝඨාභය රාජපක්ෂ යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒකාධිපතියෙකු බවත්, ශ්‍රී ලංකාවාසී ජනතාව විපත්තිදායක තත්ත්වයකින් ගලවා ගැනීමට සර්ව බලධාරීහු මැදිහත් වූ බවත් ජාතික සමගි සන්ධානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
දේශප්‍රේමය යොදාගනිමින් ඇතැමුන් ඔවුන්ට මගක් සෙවීමට උත්සාහ කරන බව එම සිදුවීම්වලින් ඔප්පු වී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart